Header Ads

Breaking News
recent

රනිල් තුරුම්පුවක් එළියට අදී.. රාජ්‍ය පාලනය වෙනස් කරයි!

දියුණු වන තාක්ෂණික ලෝකයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබාදීමට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ එම අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ඒ වෙනුවෙන් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බවද සදහන් කරයි.

ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකයින්ට නිදහස් සේවාවන් සැපයීම, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සදහන් කරයි.

ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් තරුණයන්ට අවශ්‍ය පසුබිම සකසා දෙන බවද ජනාධිතිවරයා සදහන් කරයි.

දේශපාලන ක්ෂේත්‍රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බවත් යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බවද සදහන් කරයි.

මහරගම තරුණ සේවා සභාවේ පැවැති ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.


No comments:

Powered by Blogger.