Header Ads

Breaking News
recent

ජනපති කී දේ කරයි.. 85ක් ගෙදර යවා ලොකු මුදලක් ඉතිරි කරයි…

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමත් සමඟ හිටපු මන්ත්‍රීවරුන් අසූ පස් දෙනකොට විශ්‍රාම වැටුම අහිමිවී තිබේ. එම සියලුම මන්ත්‍රීවරුන් නවක මන්ත්‍රීවරුන් වන අතර ඔවුන් විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුව වසර පහක මුළු නිල කාලයම සම්පූර්ණ කළ යුතුව තිබිණ.

පසුගිය පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ එළඹෙන වසරේ අගෝස්තු අට වැනිදාය.

වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක පමණ මුදලක් ලැබෙයි.

No comments:

Powered by Blogger.