Header Ads

Breaking News
recent

ජනපති අනුර හමුවන්න ලෝක ධන කුවේර ‘බිල් ගෙට්ස්’ එයි!

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

කුඩා වතු හිමියන් ඉලක්ක කර ක්‍රියාත්මක ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් කර ඇති පාසල් ආහාර වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), පශු සම්පත් සහ දේශගුණික මුලපිරීම් පිළිබඳ සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබීය.

 ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරිත්වය විධිමත් කිරීම සඳහා ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇත.

– Media unit


No comments:

Powered by Blogger.