Header Ads

Breaking News
recent

ජනපතිට අනතුරක් තියෙනවා – සුනන්ද දේශප්‍රිය

ජනපතිට අනතුරක් ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා කියයි. ඒ මහතා රජයේ සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ. තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕනම දෙයක් කළ හැකි බවද දේශප්‍රිය මහතා එහිදී පවසා ඇත.

එහිදී, මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර මහතා, “ඔබ සමාජ මාධ්‍ය නාළිකාවට කියා තිබුණා ජනාධිපතිවරයාට අනතුරක් තියෙන බවක්…” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සුනන්ද මහතා මෙසේ පවසා ඇත.

ඔව් අනිවාර්යෙන්ම අනතුරක් තියෙන්න පුළුවන්, සුසමාදර්ශී වෙනසක් කරන්න යන අවස්ථාවන්හිදී එවන් අනතුරු තියෙනවා. ප්‍රභූ පන්තියෙන් බලය ඉවතට යාමෙන් එවන් අනතුරු ඇතිවෙනවා. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියල ඝාතනය කරපු බව අපි දන්නවනෙ. ඒ වගේ ස්නයිපර්කරුවකු යොදා ගන්න එක අසීරු දෙයක් නෙමෙයි. අද පාතාලය කියන්නෙ සන්නද්ධ හමුදාවක් කියන එක අපි අමතක නොකළ යුතුයි. කෝටියක් දෙකක් දීල රට පනින්න ටිකට් එකක් හදල දුන්නහම ඕන දෙයක් කරව ගන්න පුළුවන්. අද දේශපාලනය ධන උත්පාදන මාර්ගයක් වෙලා තියෙන්නෙ. අපිත් එක්ක ප්ලේන්ටිය ගගහ හිටපු අය දේශපාලකයො වුණාට පස්සෙ ගිහින් බැලුවහම වෙනස පැහැදිලියි. ඒ අයගෙ ගෙවල් මාලිගා වගේ. ඒ නිසා අපි කලින් තකා කරපු තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕන දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ අනතුර අනිවාර්යෙන්ම තියෙනවා. සුළු කොට තකන්න බැහැ.

No comments:

Powered by Blogger.