Wednesday, April 2 2025

Header Ads

ජාතික ආරක්ෂාව අනතුරට හෙලූ බවට චෝදනා කළ මිලේනියම් සිටි නඩුවෙන් හිටපු ASP කුලසිරි උඩුගම්පල නිදොස්කොට නිදහස්!

2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.  මෙම නඩුව ගොනුවත්ම  කුලසිරි උඩුකම්පොල  අනිවාර්ය නිවාඩු යවා තිබිණි.


2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් වටලා එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කර රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

අතීත කතාව

මෙම නඩුවේ අධි චෝදනා ගොනුවන්නේ  2005 වසරේ මාර්තු 29 වැනි දා ය. මිලේනියම් සිටිහි පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබද හෙළිදරවු කර ජාතික ආරක්ෂාවට තර්ජනය කළ බව කී සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළට මහනුවර මහාධිකරණයේදී චෝදනා 19ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුවේය.

සතුරන්ට ප්‍රයෝජනවත් රාජ්‍ය රහස් හෙළි කිරීම, නිල රහස් පනත උල්ලංඝනය කිරීම, හමුදා නිලධාරීන් හත් දෙනෙකු දින තුනක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ ඔවුන්ට සහ තවත් බොහෝ දෙනෙකුට එරෙහිව බොරු චෝදනා එල්ල කිරීම යන චෝදනා මෙම චෝදනා අතරවිය.

එවකට මහනුවර මහාධිකරණ විනිසුරු ඩී.එස්.සි ලේකම්වසම්ය. ඔහු විත්තිකරු රුපියල් 10,000 ක ඇපයක් සහ රුපියල් 100,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළ අතර විදේශ ගමන් තහනම් කළේය.

ආරක්ෂිත නිවස වැටලීම

මිලේනියම්සිටි නිවාස සංකීරණයේ මෙම ප්‍රශ්නගත වැටලීම එක්සත් ජාතික පෙරමුණ (එජාප) රජය බලයට පත්වීමෙන් ටික කලකට පසු 2002 ජනවාරි 02 වන දින සිදුවිය.

වැටලීම සම්බන්ධව විමර්ශනය ආරම්භ කිරීමෙන් පසු පොලිස්පතිවරයාගේ නියෝග මත කුලසිරි උඩුගම්පොල අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මහනුවර මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මත ඔහුව නිදහස් කළේය.

පොලිස්පතිත් හමුදා සහ පොලිස් නිලධාරීනුත් ඇතුළත් කළ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 70 දෙනෙකු පැමිණිල්ල විසින් ලැයිස්තුගත කර තිබුණි.

Leave a Comment

Powered by Blogger.