Saturday, April 5 2025

Header Ads

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂවරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තලදී අද (31)පැවසීය.

වන්දි මුදල ගත් රාජපක්ෂවරයා ගිනිගත් නිවසේ අයිතිකාරයා නොවන බව කී අනුර දිසානායක මහතා ඉඩමේ ඔප්පුව තිබෙන්නේ වෙන නමකට යැයිද ගෙදර ඔප්පුව තිබෙන්නේ තවත් නමකට යැයිද පැවසීය.

නමුත් වන්දි ගෙන තිබෙන්නේ රාජපක්ෂ කෙනෙක් යැයි ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

ඊට අදාළ වාර්තාව ළඟදී තමාට ලැබුණ බව කී ජනාධිපතිවරයා එය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව කීය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා බුත්තල පොළ භූමියේ පැවති ජන රැළියකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

-(අංජුල මහික වීරරත්න)
-lankadeepa

Leave a Comment

Powered by Blogger.