Header Ads

Breaking News
recent

එයාබස් ගණුදෙනුවෙන් ඩොලර් ලක්‍ෂ 08ක් මුදල් ලබා ගත් මෙරට ප‍්‍රබලයා හෙලි වෙයි

පිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, සේබර් විෂන් හෝල්ඩින් සමාගම අයත් නිමල් පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි විය.

නිමල් පෙරේරා මහතා,, කොටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ පැවැති,, මේ වන විට බහා තබා ඇති මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවරුණු නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකි.
ඒ අනුව, නිමල් පෙරේරා මහතාට විදෙස් ගමන් තහනමක් පැනවුණු අතර, ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක විස්තර ලබා දෙනලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක මහත්මියට අයත් ගිණුමෙන්, යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස් නමැති සාමාගමකට එවා ඇති බවයි.

එම සමාගමට ස්ථීර ලිපිනයක් නොමැති අතර, එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් සහෝදරයින් බවත් අධිකරණයේදී
අනාවරණය විය.

බාල සහෝදරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අනෙක් සහෝදරයාට හෙට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීම් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ විමර්ශන මන්දගාමී ඇයිදැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසී ය.

ඒ සම්බන්ධයෙන් යම් බලපෑමක් තිබේදැයි විමසු මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, එවැනි බලපෑමක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

මේ පිළිබඳව විමර්ශනය කරන ප්‍රධාන විමර්ශන නිලධාරීයා සති 2 ක් විදේශ ගතවීම නිසා විමර්ශන ප්‍රමාද වූ බව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.

– newsfirst


No comments:

Powered by Blogger.