Header Ads

Breaking News
recent

30-1 යෝජනාවෙන් ඉවත් වුණාට ජිනීවා ලොක්කීට යකා නගී.. ලංකාවට දිගට හරහට චෝදනා කරමින් තර්ජන කරයි

ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම අනුග්‍රහකත්වයෙන් ඉදිරිපත් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ගෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම ගැන කණගාටුවන බව මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සඳහන් කරන්නීය.
පැවැති ආණ්ඩුවව වඩා වෙනස් ප්‍රවේශයක් වත්මන් ආණ්ඩුව ලබාගැනීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද එම ප්‍රවේශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය වගවීම හා මානව හිමිකම් ඉදිරියට ගමන් කිරීම වැළැක්වීමේ අවදානමක් ඇති බවත් ඇය කියා සිටියාය.

ඇය මේ අදහස් පළකරන ලද්දේ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශ‍්‍රී ලංකා රජය විසින් දේශීය යාන්ත්‍රණ ක්‍රියාදාමයන් මීට පෙරද ක්‍රියාත්මක කළත් ඒවායෙන් ගැටලු විසඳා නැති බවත් කොමිෂන් සභා පත් කිරීම මගින් ගැටලු සඳහා විසඳුමක් නොලැබෙන බවත් තම විශ්වාසය යයිද ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාව සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා ගැනීම ගැන කණගාටුවට පත්වන බවද ඇය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ දෙමළ සහ මුස්ලිම් ජාතීන්ට වෙනස් ලෙස සැලකීම හා වෛරී ප්‍රකාශන වැඩිවෙමින් පවතින බවද නිරීක්ෂණය වී ඇතැයි ඇය සඳහන් කළාය.

මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැවති අතීත තත්ත්වයන් නැවත ඇති නොවනු ඇතැයි ශ්‍රී ලංකිකයන්ට සහතිකයක් නැති බවද ඇය තවදුරටත් එහිදී කියා සිටියාය.


No comments:

Powered by Blogger.