Header Ads

Breaking News
recent

රාජිත සේනාරත්න ජුනි 10 දක්වා යළි රිමාන්ඩ් !

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සුදුවෑන් භීෂණය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා සිදුකළ මාධ්‍ය හමුවට අදාලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකළ අතර එම නඩුව අද (27) යළි කැඳවා තිබිණි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජිත සේනාරත්න මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් නොකළ අතර ඔහුගේ නීතිඥයන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

රාජිත සේනාරත්න මහතා ඇපමත නිදහස් කරන්නැයි ඉල්ලීමක් අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර එම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තීරණය කළේය.

අදාල ඇප ඉල්ලීම ජුනි 10 වැනිදා ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.


No comments:

Powered by Blogger.