Header Ads

Breaking News
recent

"මැතිවරණ දිනය සඳුදාට තීරණය කරනවා: වසංගතය ඉවරයි කියල හිතන්න එපා" - මහින්ද දේශප්‍රිය

හ මැතිවරණය පැවැත්වෙන දිනය සහ මනාප අංක ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඊයේ (03) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු අනියුක්ත කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා එහිදී පැවසී ය.

මීට අමතරව මැතිවරණ දිනය පැවැත්වෙන දිනයේ සහ පෙර දිනයේ ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය සඳහා වෛද්‍යවරයෙකු, හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනකු සහ සහයක නිලධාරියෙකු පත් කිරීමට අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්, මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සේවයේ නිරත සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තැපැල් ඡන්දය සඳහා අයදුම් කරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

ඒ අනුව ලබන ජුනි 08 වනදා හෝ 09 වන දා එම කාර්ය මණ්ඩලයට අයදුම්පත් යොමු කළ හැකියි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත්සේදීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිැපදිය යුතු බව ඔහු පැවසී ය.

සභාපතිවරයා සඳහන් කර සිටියේ, රැස්වීම් පැවැත්විය හැකි ආකාරය පිළිබඳව ද කරුණු ඇතුළත් මෙම මාර්ගෝපදේශ සහිත පොත ලබන සතිය වනවිට සියලු දෙනාට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

තවද සියලු දේශපාලන පක්ෂවලට සම සේ ක්‍රියා කළ යුතු බවත් කිසියම් පක්ෂයක නායකයෙකුට විශේෂ හා වෙනත් අයෙකුට වෙනත් සැළකිල්ලක් දැක්වීම කොමිසමේ සවභාවය නොවන බවත් සභාපතිවරයා අවධාරණය කර සිටියේ ය.

මේ වනවිට මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මකව පවතින බැවින් අද සිට සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යාංශ ආරම්භ කරන බව ද සභාපතිවරය සඳහන් කළේ ය.

කොමිසමට ජනාතව බිය ගැන්වීම සේම ජනතාවගේ බිය නැති කිිරීමට ද අවශ්‍යතාවක් නෙමැති බව අවධාරණය කළ සභාපතිවරයා සඳහන් කර සිටියේ, අතුරුදන්ව ඇති පළාත් සභා මැතිවරණය පවත් වන්නේ, යම් දිනක ද එදින දක්වා හෝ කොවිඩ් පැවතිය හැකි බවයි.

ඔහු අවධාරණය කළේ, මැතිවරණයේදී පමණක් නොව කෝවිඩ් වසංගතයට එන්තක් සොයා ගන්නා තුරු සියලු දෙනා කොවිඩ් සමග ජීවත්වීමට උගත යුතු බවයි.


No comments:

Powered by Blogger.