Header Ads

Breaking News
recent

ඡන්ද කාඩ් මුද්‍රණය හොර රහසේම අත්හිටුවලා !

දිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මුද්‍රණය කෙරෙමින් තිබුණු දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ස්වාධීන මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව 04 වැනිදා දහවල් රජයේ මුද්‍රණාලය විසින් නතර කර ඇති බව වාර්තා වේ.

මෙසේ නතරකොට ඇත්තේ කොළඹ, කළුතර, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පහේ ඡන්ද පත්‍රිකා බවද වාර්තා වේ.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා ලක්ෂ 170 ක් මුද්‍රණය කරන ලෙසට ස්වාධීන මැතිවරණ කොමිසම මඟින් රජයේ මුද්‍රණාලයට ඇණවුම් ලැබෙන්නේ පසුගිය 27 වැනිදායි.

නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ වන්නේ ජුනි මස 03 වැනිදායි.  එදින පරිගණක දෝෂයක් හේතුවෙන් මුද්‍රණ කටයුතු සිදු නොකෙරිණි.

04 වැනිදා උදෑසන 8.00ට පමණ දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර ඇති අතර එදින උදෑසන 10.30ට පමණ මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු විසින් රජයේ මුද්‍රණාලයාධිපතිනිට දුරකථන ඇමැතුමක් ලබාදී මෙම දිස්ත්‍රික්ක පහේ ඡන්ද පත්‍රිකා  මුද්‍රණය කිරීම නතර කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බව රජයේ මුද්‍රණාලයේ සේවකයෝ පිරිසක් ප්‍රකාශ කළහ.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය දැනුම් දුන් නියෝගයට අනුව මෙම  දිස්ත්‍රික්ක පහේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කළ බවට රජයේ මුද්‍රණාලයේ ලොග් සටහන් පොත් දෙකක සටහන් කර ඇති බවද රජයේ මුද්‍රණාලයේ නිලධාරියෙක් “ඉරිදා මව්බිම” ට ප්‍රකාශ කළේය.

රජයේ මුද්‍රණාලයේ රහස් ශාඛාවේ එක් ලොග් පොතක්  ඇති අතර  අනෙක් ලොග් පොත ඇත්තේ මුද්‍රණ අංශයේය.

කෙසේ නමුත් අනෙක් දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුදුණය කිරීම වැළැක්වීම සඳහා මේ දක්වා කිසිදු උපදෙසක් ලැබී නොමැති නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  ඡන්ද පත්‍රිකා දැනට මුද්‍රණය කරගෙන යන බවද රජය මුද්‍රණාලයේ එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 මව්බිම


No comments:

Powered by Blogger.