Header Ads

Breaking News
recent

හෙට පෙරහුරු මැතිවරණයක් !

සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව පෙරහුරු මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත.

එම පෙරහුරු මැතිවරණය එළැඹෙන හෙට පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඡන්දදායකයන් 200ක පමණ පිරිසක් යොදා ගනිමින් පෙරහුරු මැතිවරණය සූදානම් කර ඇති බවත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු හඳුනා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ඔහු සඳහන් කළේය.

මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පවත්වන ආකාරය ගැන උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඉකුත්දා මැතිවරණ කොමිසමට බාර දෙන ලදී.

මැතිවරණ පෙරහුරු වැඩසටහන සකස් කර ඇත්තේ මෙම මාර්ගෝපදේශ පදනම් කරගෙන ගෙනය.


No comments:

Powered by Blogger.