Header Ads

Breaking News
recent

කලාවැව යෝජිත රක්‍ෂිතයෙන් අක්කර ගණනක් අඹ වගාවකට පුද්ගලික සමාගමකට.. පරිසරවේදීන් දැඩි විරෝධයේ !

නුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව පල්ලේකැලේ යෝජිිත රක්ෂිත ප්‍රදේශයේ අක්කර 100 ක ප්‍රමාණයක් අඹ වගාවක් සඳහා පුද්ගලික සමාගමට ලබා දී ඇතැයි පරිසරවේදීහු චෝදනා කරයි.

මෙම කලාපය නිරන්තරයෙන් අලි ගැවසෙන ප්‍රදේශයක් බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි.
දැනටමත් එම සමාගම විසින් මායිම් ගල් පවා ගෙනත් දමා ඇති බවත් මෙම ව්‍යාපෘතිය පාරිසරික පනත පවා උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටී.

කෙසේ නමුත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම ඉඩම ලබාදී ඇත්තේ නියමිත ක්‍රමවේදයට අනුව බවයි.

එමෙන්ම අක්කර 25 ක පමණ ප්‍රමාණයක් ලබා දී ඇති නිසා පරිසර ඇගයීම් වාර්තාවක් අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.