Header Ads

Breaking News
recent

අගමැති රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය දීර්ඝ නොකිරීමට නියෝග කරයි

බරපතළ දූෂණ චෝදනා එල්ලවී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
මෙම ටෙන්ඩරය තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කිරීමට අදාළ ගිවිසුමකට අද (29) සවස අත්සන් තැබීමට නියමිතව තිබූ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි එය නවතා තිබේ.

මේ මගින් වාර්ෂිකව රුපියල් මිලියන 1850 කට වැඩි මුදලක් දකුණු අප්‍රිකානු සමාගමකට ලබාදෙන බව විගණන පරීක්ෂණවලින්ද හෙළිවී තිබූ අතර, මෙය රජය මගින් සිදුකරන්නේ නම් ඒ සඳහා වැය වන්නේ මෙයින් සියයට දහයකටත් අඩු මුදලක් බව හෙළිවිය.

එසේ තිබියදීත් ප්‍රවාහන අමාත්‍යාංශයේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බරපතල ලෙස දූෂණ චෝදනා එල්ලවී ඇති නිලධාරීන් පිරිසක් අදාළ කොන්ත්‍රාත්තුව වසර 2කට දීර්ඝ කිරීමට උත්සාහ කළේය.

2016 වසරේ රජයට පවරාගත යුතු වූ මෙම ව්‍යාපෘතිය දූෂිත නිලධාරීන් කීපදෙනකු එක්ව දිගින් දිගටම රජයට පවරා ගැනීම ප්‍රමාද කරන ලදී.

එසේ පවරා නොගැනීමෙන් මේ වන විට රජයට රුපියල් මිලියන පන්දහසකට අධික පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ.

රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය සඳහා රුපියල් අනූවත් සීයත් අතර මුදලක් වැයවෙද්දී මේ එක කාඞ්පතක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් දකුණු අප්‍රිකානු සමාගමට මෙතෙක් ගෙවන මුදල රුපියල් 1340 කි.

නව ගිවිසුම යටතේ ඒ සඳහා රුපියල් දහසක් බැගින් ලබාදීමට නියමිතව තිබිණි.

එහෙත් පසුගිය සතියේ සේවක පිරිස් සමග සාකච්ඡාවකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාද පවසා තිබුණේ මේ රියැදුරු බලපත්‍රය රුපියල් තුන්සියයකින් ලබාදිය හැකි බවයි

No comments:

Powered by Blogger.