Header Ads

Breaking News
recent

මැතිවරණ කොමිසමෙන් හූල් එලවා දමන්නැයි කරු ජයසූරියට කියයි

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක්කොට ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

මෙරට ජාතික පුවත්පතකට හා විද්යුත් මාධ්‍ය කිහිපයකට ප්‍රකාශයක් සිදු කරමින් ‘පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා’ යනුවෙන් සිදු කළ ඔහුගේ අදහස් දැක්වීම දැඩි සේ හෙළා දකිමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන අතර මැතිවරණ කල් දමා ගැනීමට උසාවි යන, මහ මැතිවරණය පැවැත්වීම අඩාල කිරීම සඳහා නිරෝධායන නීති කඩමින්, නිරෝධායනයට ලක් කර සිටි තම දියණිය මැතිවරණ කොමිසමේ වාහනයකින් එම ආයතනයට රැගෙන ගිය මෙම තැනැත්තා තම නීතියට පටහැනි හා සදාචාර විරෝධී ක්‍රියවලිය තවදුරටත් ත්‍රීව්‍ර කරමින් ඉහත ප්‍රකාශය සිදුකර ඇති බවට ද ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය.

ස්වාධීන මැතිවරණ කොමිසම ද ඊට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව පමණක් නොව ව්‍යවස්ථාදායක සභාව පත්කරනු ලබන උත්තරීතර පාර්ලිමේන්තුව හා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කළ රත්නජීවන් හූල්ට එරෙහිව දැන්වත් නිසි පියවර ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී, හිටපු කථානායක කරු ජයසූරිය කටයුතු කළ යුතු බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

මහ මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ උවමනාවෙන් පෙළෙන, සැමවිටම ශ්‍රී ලංකාව අස්ථාවර කර තම රූකඩයක් කර ගැනීමට මාන බලන රාජ්‍යයට සතුරු කල්ලියේ උවමනාව ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති හූල් එය කෙසේ හෝ තම හාම්පුතාලාට ඉටු කරදීමේ සිහිනයක් දකිමින් සිටින බවත් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බවට පත් කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීමක් බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


No comments:

Powered by Blogger.