Header Ads

Breaking News
recent

රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන ඉඩ ඇතත් නැතත් මැදපෙරදිග ලාංකිකයන් වහාම ගෙන්වාගන්න - හර්ෂ ද සිල්වා

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වහාම මෙරටට රැගෙන එන ලෙස තමා ආණ්ඩුවට බලකර සිටින බව ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ හංවැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘‘පසුගිය ජනාධිපතිවරණයේදී අපේ විදෙස් ගත ශ‍්‍රමිකයින්ට රට විරුවෝ කියලා ඔවුන්ගේ ඡන්ද ලබා ගත් ආණ්ඩුව දැන් මැද පෙරදිග සිටින අපේ රටේ ජනතාව මෙරටට රැගෙන ඒමේ කටයුත්ත ඡන්දය නිමවෙන තුරු නවත්වා ඇති බවට අපිට ආරංචි ලැබී තිබෙනවා . වහාම අපේ රටේ මිනිසුන් මෙරටට රැගෙන එන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා…

දැන් ආණ්ඩුව පිටරටවල් වල ඉන්න අපේ තානාපති කාර්යාලවල ඉන්න නිලධාරින් අපේම ශී‍්‍ර ලාංකිකයින්ගේන් ආරක්ෂා කර ගන්න කියලා පොලිසිය යොදවලා තිබෙනවා. වසර එකහමාරක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට හිටපු නිසා එහි ඇති වී තිබෙන තත්වය පිළිබඳව මා හොඳටම දන්නවා. ඒ නිසා මේ විදිහට ජනතාවට එහි තිබෙන තත්වය පිළිබදව දැනුවත් කරන්න අදහස් කළා’’ යැයි සඳහන් කළේය.


No comments:

Powered by Blogger.