Header Ads

Breaking News
recent

සජිත් පිළට ගිය පළාත් පාලන මන්ත්‍රීවරු එජාපයෙන් පන්නයි - අර්ජුන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

ක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමග එක්වූ සියලු එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් සහ මන්ත්‍රී ධුරවලින්ද ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08) තීරණය කර ඇත. ඒ අනුව ඊට අදාළ සියලුම නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට සහ මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට පක්ෂයේ නීතිඥ මණ්ඩලයට බලය පැවරීමටද එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.


පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ සිරිකොත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර එහිදී මේ තීරණය ගෙන තිබේ.

මේ අතර සමගි ජන බලවේගය මගින් නාමයෝජනා භාර දුන් ආසන සංවිධායකයින් වෙනුවට නව ආසන සංවිධායකයින් පත් කිරීමට ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ උපදේශකයකු ලෙස පත්කිරීමට ද ඊයේ තීරණය කර ඇති අතර ඒ අනුව ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු බවටද පත්වනු ඇත.

ඉදිරි මහ මැතිවරණයේ මෙහෙයුම් කටයුතු කිරීමට අදාළව හිටපු ඇමැති සාගල රත්නායකගේ සභාපතිත්වයෙන් යුතු නව පුද්ගල කමිටුවේ විශේෂ වාර්තාව රනිල් වික‍්‍රමසිංහ වෙත භාරදීමට ද ඊයේ කටයුතු කර තිබේ.

කෙසේ වුවත් පක්ෂයේ සභාපති ධුරය සහ නියෝජ්‍ය නායක ධුරය සඳහා ඊයේ දිනයේ ද කිසිවකු පත් කර නොමැත.


No comments:

Powered by Blogger.