Header Ads

Breaking News
recent

ගෝලීය වශයෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි


කොරෝනා වෛරස් ගෝලීය වසංගතය උත්සන්න වෙමින් පවතින අතර, ලද ප්‍රගතියෙන් සෑහීමකට පත් නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

ජිනිවා නුවර දී ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබ්‍රියේසස් කියා සිටියේ ඇමරිකානු කලාපයේ වෛරසයේ ව්‍යාප්තිය උත්සන්න වීමත් සමඟ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

දකුණු ආසියාව ද ඔහු එලෙස හැදින්වූ ව්‍යාප්ත කලාපයක්.

කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මරණ හාර ලක්ෂ 8000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 71 ලක්ෂයකට අධිකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපයේ තත්ත්වය වැඩි දියුණු වුවද ගෝලීය වශයෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය දින 10න් 9 යකදීම දිනකට ලක්ෂයකට වැඩි නව ආසාදිතයන් හමුවී ඇති අතර, ඉන් සියයට 75ක්ම ඇමරිකානු කලාපයේ සහ දකුණු ආසියාවේ රටවල් 10කින් වාර්තා වීම විශේෂත්වයක්.

No comments:

Powered by Blogger.