Header Ads

Breaking News
recent

කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් දුරකතන සොයාගනී !

බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් ඛන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු දුරකතන 02 ක් හා උපකරණ කිහිපයක් සවස සොයා ගෙන තිබේ.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ් ෆී උපකරණයක් මෙසේ සොයා ගෙන තිබේ.


පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී කංජිපානි ඉම්රාන් රදවා සිටි සිරකුටියේ සිවිලිමේ මෙම දුරකතන හා උපාංග සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලිස් විශේෂ කාර්යය බලකායේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙයට පෙරද කංජිපාන ඉම්රාන් (34) නැමැති මෙම පාතාල රැදවියාට ලබා දිමට ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් රැගෙන ආ බව කියන ඛන්ජිපාන ඉම්රාන්ගේ පියා ඇතුළු ඥාතීන් හය (06) දෙනෙකුද බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

එසේ අත් අඩංගුවට ගෙන තිබුණේ ඛන්ජිපාන ඉම්රාන් නැමැති අයගේ පියා වන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම් (65), ඛන්ජිපාන ඉම්රාන්ගේ සොහොයුරා වන මොහොමඩ් නසීම් අබ්දුල් ෆාහීස් (27), ඛන්ජිපාන ඉම්රාන්ගේ ඥාතීන් වන මොහොමඩ් කුකුද්දීන් මොහොමඩ් වසීම් දීන් (28), මොහොමඩ් ඉස්පිකාර් මොහොමඩ් සෆ්රාස් (23), මොහොමඩ් ඉල්ෆාම් මොහොමඩ් අෆ්රිඩීන් (28) සහ මොහොමඩ් සාරුක් මොහොමඩ් ෆායිස් (26) යන හය (06) දෙනාය. කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණ තිබූ මොවුන් ඛන්ජිපාන ඉම්රාන් නැමැති අයට ආහාර රැගෙන ආ අසුරනයේ රහස් කුටියක සගවා තිබියදී ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් 2019 සැප්තැම්බර් 12 දින දහවල් සොයා ගෙන තිබුණි.

පාතාල නායක සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් (45) සමග ඩුබායිහිදී පැවති උපන්දින සාදයක සිටියදී ඩුබායි පොලීසිය විසින් 2019.02.05 දින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් ඛන්ජිපාන ඉම්රාන් (34) අත් අඩංගුවට ගෙන තිබුණි. ඩුබායි පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී සන්තකයේ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක්ද සොයා ගෙන තිබූ අතර ඩුබායි පොලිස් පරීක්ෂණ අවසානයේ 2019.03.28 දින කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළේය. එදිනම ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්විය.

පසුව කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශයේ රදවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකල අතර ඔහුට අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමග සමීප සබදතා තිබේය යන්න චෝදනාවක්ද එල්ල විය. ඒ සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ පරීක්ෂණයක්ද පැවැත්විණි. කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් තිදෙනකු යාපනය, මුලතිව් හා මන්නාරම් පොලිස් ස්ථාන වෙත මාරු කෙරුණේද මෙම පරීක්ෂණයෙන් පසුවය. එයින් පසුව කංජිපාන ඉම්රාන් (34) බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර, රත්ගම පොලීසිය හා බූස්ස බන්ධනාගාරය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ


No comments:

Powered by Blogger.