Header Ads

Breaking News
recent

වාහනයේ රෝද බුරුල් කර කුමන්ත‍්‍රණයක්.. සභාපති නූලෙන් බේරේ !

ඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා ගමන් ගත් එම සභාවට අයත් කැබ්රථයේ ඉදිරිපස වම් රෝදයේ ඇණ බුරුල් කල සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයංක කරුණාදාස මහතා පැවසිය.
ජයසංඛ පෙරේරා මහතා ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සදහා ගොස් ආපසු අඹගමුව ප්‍රාදේශිය සභාව දක්වා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අල්ලිවත්ත ප්‍රදේශයේදි (06) දින පස්වරු 5.30 ට පමණ කැබ් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවි ගොස් කැබ් රථය අනතුරට පත් වි ඇත.

කැබ් රථයේ අනතුරට පත් වු ස්ථානයේම ගැලවි ගිය රෝදයේ ඇණ පහම එම ස්ථානයේ වැටි තිබු බවත් , මෙය කිසියම් පිරිසක් විසින් හෝ පුද්ගලයෙකු විසින් සැලසුම් සහගතව සිදු කල ක්‍රියාවක්ද යන්න පිලිබදව සැක සහිත බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

තමන් ගමන් ගත් මාර්ගය කදු බැවුම් සහිත මාර්ගයක් බැවින් බැවුම් සහිත ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු කැබ් රථයේ වම් පස රෝදය ගැලවි ගියේ නම් විශාල අනතුරක් සිදු විමට ඉඩ තිබු බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහත පැවසිය.

මෙය සැලසුම් සහගතව සිදු කල ක්‍රියාවක් බවට තමන් සැකකරන බවත් , සිද්ධිය සම්බන්ධයෙන් තමන් ගිනිගත්හේන පොලිසියට පැමිණිල්ලක් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලිමක් කල බවද අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Powered by Blogger.