Header Ads

Breaking News
recent

රත්නජීවන් හූල් කොටි සංවිධානයට ආධාර එකතු කර මාට්ටුයි… මැතිවරණ කොමිසමෙන් අස්වෙන්නැයි රජයෙන් දන්වයි

ක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ පැවති “ ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” රැස්වීම් මාලාවේ පළමුවැන්නාට සහාභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අචහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස රත්නජීවන් හූල් පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි  ප්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේ දී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්.  කොටින්ගේ සැගවුණු මහ මොළය ලෙස සමහරු හදුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

මෙවැනි පුද්ගලයෙකු ස්වාධින මැතිවරණ කොමිසමට පත් කළේ මොකට ද? කාගේ වුවමනාවටදැ‘යි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාව ද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස  වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධින බව හූල්ගේ මේ ප්‍රකාශයෙන් ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.

හූල් වැනි කොටි පිල්ලිවල ග්‍රහණයට ලක්වෙලා තියෙන මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන්  සභා කොහොමද අපි ඇත්තටම ස්වාධීන කරන්නේ කියලා යළි සලකා බලන්න වෙනවා. ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි. හූල් වහා ම තමන් දරණ කොමිසමේ සාමාජික තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා ඔහුට පුළුවන් තමන් කැමති එජාපයට කඩේ යන්න. කොමිසමේ සාමාජිකත්වයේ ඉදගෙන තවදුරටත් කොටින්ට, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්න ඉඩ දෙන්න බෑ.

කටුනායක ගුවන් තොටුපළේ පි.සි.ආර් පරීක්ෂණ වලට පෙනී සිටිම ඇමෙරිකානු තානාපති කාර්යාල නිළධාරියෙකු ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඔහු රාජත්‍රාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වී මෙය සිදු කර ඇති බවයි. ඒ පිළිබදව ඇමෙරිකානු තානාපති කාර්යාලය සම්පූර්ණයෙන් ම වගකීම භාරගත යුතු බව ද ඇමතිවරයා කීවේය. කෙසේ වෙතත් රාජත්‍රාන්ත්‍රික නිළධාරීයා එම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මගින් නිරෝධායනයට ලක්කරණ බව පවසා ඇති බවත් ඒ පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් රජය ඉදිරි පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය.

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.