Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලන්කන් සේවකයන් 1000ක් සේවයෙන් ඉවත් කෙරේ.. නිලධාරීන්ගේ වැටුප් 25%කින් කපයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ එහි සහායක සේවාවල සිටි සේවකයන් දහසක පමණ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබේ.

මෙම තීරණය ලබන වසරේ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව එහි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා සඳහන් කලේය.

ආයතනයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ 400ක පිරිසක් සහ ආයතනයට සම්බන්ධ සේවය කළ වෙනත් ආයතනයක සේවකයන් 600ක පිරිසක් මෙසේ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ගේ වැටුප 25% කින් කපා හැරීමට සියලු වෘත්තිය සමිති එක ගෙවී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම වැටුප් කපා හැරීමද ලබන වසරේ මාර්තු මස දක්වා සිදු වෙයි.


No comments:

Powered by Blogger.