Header Ads

Breaking News
recent

''ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් නෑ - මාගේ අදහස විකෘති නොකරන්න'' තිස්ස ජනනායකගෙන් පැහැදිලි කිරීමක්

මන් විසින් පළකල Facebook සටහනක් වැරදි ලෙස වටහා ගනිමින් එහි අර්ථය විකෘති කර සමාජ ජාලා හරහා හුවමාරු වන බව ප්‍රවීන ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා ප්‍රකාශ කරනවා.

තමන් විසින් පළකල මුල් Facebook සටහනේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ  ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව සඳහන් කර නොමැති බවත්, කොරෝනා වසන්ගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමඟ එක්ව කරන ලද අනුපමේය කාර්යභාරය ප්‍රශංසනීය බවත් ඔහු පෙන්වා දෙනවා.

තිස්ස ජනනායක මහතා විසින් පසුගියදා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් වත්මන් දේශපාලන ක්‍රමවේදය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් උපුටානිමින් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් බව සමාජ ජාලා පැතිර ගියා.

ඒ අනුව අදාල Facebook සටහන සම්බන්ධයෙන් ඔහු මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

මාගේ අදහස විකෘති නොකරන්න.
----------------------------------------

මම ගෝඨාභය ජනාදිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන කිසිදු කලකිරීමක් ඇතිබව මාගේ මුල් ලිපියේ සඳහන් කර නැත. කොරෝනා වසන්ගතය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමඟ එක්ව කරන ලද අනුපමේය කාර්යභාරය ප්‍රශංසනීය වේ. ඒ ගැන සියලු දෙනාගේ ගෞරවය එතුමාට හිමි විය යුතුමය. එසේම අප බලාපොරොත්තු වූ මුහුදු මහා විහාරය රැකගැනීම, නැගෙනහිර පළාතේ පුරාවස්තු රැකගැනීම වැනි සාධනීය කරුණු සම්බන්ධව එතුමාගේ මැදිහත්වීම හා ක්‍රියාකාරීත්වය ගැන මහත් සේ සතුටට පත්වෙමි. එබැවින් මගේ අදහස විකෘතිකර අවභාවිතා කිරීමෙන් වලකින්න. මට ඇති ප්‍රශ්නය වන්නේ එතුමාගේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා එම ප්‍රතිපත්ති වලට අනුව ක්‍රියාකරන මහජන නියෝජිතයින් පිරිසක් දී ඇති නාමයෝජනා ලයිස්තු මගින් තෝරා ගන්නේ කෙසේ ද යන්නයි. මේ පිලිබද ඔබගේ අදහස්ද බලාපොරොත්තු වෙමි.

- තිස්ස ජනනායක -


No comments:

Powered by Blogger.