Header Ads

Breaking News
recent

රට රකින මුර දේවතාවන් රාජපක්‍ෂ පවුලයි - ජොන්ස්ටන්

රාජපක්ෂ පවුල නොසිටියේ නම් අද ඔබටත් මටත් ජීවත්වීමට රටක් ඉතුරු නොවනු ඇති බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා එදා නිවැරදි තීන්දුව නොගත්තේ නම් අදත් අප ප්‍රභාකරන්ගේ වහලුන් බව ද ඔහු පැවසීය.

රාජපක්ෂ පවුල යනු අපේ රට රකින මුර දේවතාවන් බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාට කළගුණ සැලකීමක් වශයෙන් යැයි පැවසූ ඔහු මෙවන් සුසංයෝගයක් රටට ලැබුණේ වූ වාසනාවට යයිද කියා සිටියේය.


No comments:

Powered by Blogger.