Header Ads

Breaking News
recent

ඖෂධ මිල අහස උසට නඟී ! රජයත් GMOAත් බකං නිලාගෙන සිටී !!

ඖෂධ වර්ග ගණනාවක මිල යළිත් වරක් ඉහළ ප්‍රතිශතයන්ගෙන් වැඩිවීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
බොහෝ ඖෂධ වර්ග 50%කින් පමණ මිල ඉහළ නංවා තිබෙන අතර ඇතැම් ඖෂධ 70% - 80% යනාදී ප්‍රතිශතයන්ගෙන් ද මිල ඉහළ නංවා ඇත.

මෙසේ ඖෂධ මිල වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති අතර ඒ හේතුවෙන් ඖෂධ සමාගම් ගණනාවක්ම හිතූමතයට මිල වැඩිකිරීම අරඹා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය රජය සමයේ මිල පාලනයකට යටත් කළ ඖෂධ වර්ග ගණනාවක මිල ගණන් පවා කිසිදු අවසරයකින් තොරව ඉහළ නංවා ඇති බව සඳහන්.

ඖෂධ සමාගම් පාලනය කරගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සම්පූර්ණයෙන්ම අසමත්ව සිටින අතර සාමාන්‍යයෙන් රටේ සියලුම ප්‍රශ්නවලට අත දමන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉහළ යන ඖෂධ මිල හමුවේ කිසිවක්ම ප්‍රකාශ නොකර නිහඬවම සිටීම ද විශේෂත්වයකි.

No comments:

Powered by Blogger.