Header Ads

Breaking News
recent

MCC ගිවිසුමෙන් හා පාස්කු ප්‍රහාරයෙන් ලැබුණා කියන මුදල්වලට මොකද වුණේ - මෛත්‍රී ,රනිල් ඇයි නිහඬ (VIDEO)

පාස්කු ප්‍රහාරයෙන් පසු ලැබුණු හා MCC ගිවිසුමෙන් ලැබුණු බව කියන ඩොලර් මිලියන ගණන් මුදල්වලට කුමක් සිදු වූයේද යන්න හෙළිදරව් කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කළේය.

ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

මෙලෙස මුදල් සම්බන්ධයෙන් චෝදනාවක් පැමිණි විට රජය ලෙස වගකිව යුතු ප්‍රකාශයක් කළ යුතු බවත් එය එකිනෙකාට පාස් කිරීමෙන් පලක් නැති බවයි ඔහු පැවසුවේ.

අනෙක් පසට මෙවැනි කතා මේ මොහොතේ ජනතාව පිනවීමට සිදුකරන ප්‍රකශ ද යන සැකයද මතුවන බව හෙතෙම කියා සිටියේය.

එහෙයින් හිටපු ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම MCC ගිවිසුම බහිරවයාට, හෝ කඩවර දෙවියන්ට හෝ අත්සන් කළ නොහැකි අතර එය කිසියම් හෝ දේශපාලඥයෙක් විසින් සිදුකළ යුතු වන හෙයින් එය සිදු කළේ කවුද යන්න හෙළිදරව් කළ යුතු බවද අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන ලදී.

MCC ගිවිසුම පැය 24න් ඉරාදමන බව පවසා පැමිණි වත්මන් ජනාධිපතිවරයාද මාස හයකට වැඩි කාලයක් ගතව ඇති හෙයින් වාර්තා වන පරිදි MCC ගිවිසුම අත්සන් කළේ කවුද යන්න අනාවරණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

No comments:

Powered by Blogger.