Header Ads

Breaking News
recent

පොම්පියෝගේ සංචාරයෙන් පේන්නේ ගෝලීය දේශපාලනයට අපිව කොතරම් වැදගත්ද කියායි - නාමල්

මරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඊට චීනය දක්වා ඇති ප්‍රතිචාරය අනුව පෙනී යන්නේ ගෝලීය දේශපාලනයට ශ්‍රී ලංකාව කොතරම් වැදගත්ද යන්න බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"මේකෙන් අපි වටහා ගතයුතු කාරණය තමයි ගෝලීය දේශපාලනය තුළ ලංකාව කොතරම් වැදගත්ද කියන කාරණය. අපි දැක්කා පහුගිය කාලෙ මේ පොම්පේ කියන මහත්තයා එන එකට විරුද්ධව, එන එක පිළිබඳව යම්කිසි ප්‍රකාශයක් කරලා තිබ්බා. ඔහුත් ප්‍රකාශයක් කරලා තිබ්බා. 

එතකොට අපි හිතාගන්න ඕනෙ මේ මිලියන 22ක් ඉන්න අපේ රට ගෝලීය දේශපාලනයේ කොතරම් වැදගත්ද ? එතකොට ඒ ගෝලීය දේශපාලනයේ වැදගත් වෙච්චි අපි එක රටකටවත් හිස නවන්න ලෑස්ති වෙන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පොලොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


No comments:

Powered by Blogger.