Header Ads

Breaking News
recent

කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදු විය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි - රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමය

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්,ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ බරපතල තත්ත්වයක් පවතින බව රජය මෙන්ම ජනතාවද අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේය.

එනිසා වෛරසය ආසාදනය හේතුවෙන් ජීවිත අවදානමට ලක්විය හැකි සමාජ කොටස් රැකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමණය කළ යුතු බවද වෛද්‍යය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

යම් කිසි විධියකින් එසේ නොකලහොත් කොව්ඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවන සංකූලතා මත සිදුවන මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි ද ඒ මහතා අනතුරු අඟවයි.

රටක් වශයෙන් මෙම තත්ත්වයට මුහුණ දීමටඉදිරි මාස දෙකක කාලය ඇතුළත විශාල ඉඩකඩක් ඇති නමුත් එම තත්ත්වය තවමත් පවතින්නේ වළක්වා ගත හැකි මට්ටමේ බවද ඒ මහතා අවධාරණය කළේය.

එනිසා රජය රටේ එක් එක් ප්‍රදේශවල කොවිඩ්19 වෛරසය ආසාදනයේ ඇති නියම තත්වය සහ එහි ඇති සැබෑ අවදානම එම ජනයාට නොසඟවා පැවසිය යුතු බවද ඔහු අවධාරනය කර සිටියේය.

එසේ රජයේ පාර්ශවයෙන් ඇති තතු ජනතාව හමුවේ තැබීමෙන් පමණක් ජනතාව වගකීම් සහගතව සහගතව හැසිරීමට යම් පෙළඹවීමක් ඇති වෙනු ඇතැයිද ඔහු පෙන්වා දෙන ලදී.


No comments:

Powered by Blogger.