Header Ads

Breaking News
recent

PCR යන්ත්‍රයක් අක්‍රියයි..පරීක්ෂණ 20,000ක ප්‍රතිපල ප්‍රමාදයි..යන්ත්‍රය ගෙන්වීමත් මගඩියක් !

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පී.සී.ආර්. වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී පෙන්වා දී තිබුණා .

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇති බව සඳහන්.

ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් ඉකුත් මැයි මාසයේ මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළද එය මේ වන විට දින හයක් තිස්සේ අක්‍රියව පවතින බව අනාවරණය වනවා.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී තිබෙනවා.

මෙම පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට චීන සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්වීමට සිදුවන අතර චීනයේ බී.ජී. අයි. නමැති සමාගමකින් ටෙන්ඩර් පටිපාටිවලට පරිභාහිරව ගෙන්වා ඇති මෙම පී.සී.ආර්. යන්ත්‍රයේ දේශීය නියෝජිතයා ලෙස පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘පවසනවා..

මෙම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත්, මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකු කළ මගඩියක ප්‍රතිඵලයක් බවත් හෙතෙම සඳහන් කරණවා.

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 4000ක් කිරීමට හැකි බව පෙන්වා දුන්නද දැනට දිනකට පරීක්ෂණ දෙසීයක්වත් කිරීමට නොහැකි බව අනාවරණය වී තිබෙනවා.


No comments:

Powered by Blogger.