Header Ads

Breaking News
recent

වතුකරට දැඩි තර්ජනයක්.. කොරෝනා පැතිරයාමේ අධි අවදානමක්..

කොවිඩ් 19 වසංගයත් සමග කොළඹ ඇතුළු විවිධ පිටස්තර ප්‍රදේශවල සිට වතු කරයට විශාල පිරිසක් පැමිනිමත් සමග වතුකරයේ ජන ජිවිතයට විශාල තර්ජනයක් එල්ලවිමේ අවදානමක් පවතින බව වතු අධිකාරිවරුන් පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු අධිකාරිවරුන් පවසනුයේ කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොළඹ පැලියගොඩ මත්ස්‍ය වෙලද පල ඇතුළු විවිධ ස්ථානවල සේවය කරන වතුකරයේ පිරිස් මේ වන විට විශාල වශයෙන් කිසිදු පරික්ෂාවකින් තොරව වතු කරයට පැමිනෙන බවත් එම තත්වයන් මත වතුකරයේ ජන ජිවිතයට දැඩි තර්ජනයන් එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇති බවත්ය.

මෙම තත්වයන්ගෙන් වතු කරයේ ජනතාව බේරා ගැනිම සදහා වතුකරයට පැමිනෙන සියලුම දෙනා දැඩි පරික්ෂාවකට ලක් කිරිමට හෝ ඔවුන් පැමිනෙන ස්ථාවල අදාල පොලිස් ස්ථානවලින් හෝ එම පලාතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහතිකයක් පරික්ෂා කිරිමට හෝ පියවර ගත යුතු බවද එම වතු අධිකාරිවරුන් පවසති.

දැනටද වතුකරයේ වතු දෙක තුනකින් කොවිඩ් 19 ආසාධිතයන් කිප දෙනකුම හමුව ඇති බවත් එම තත්වයන් මත වතු කරයට පැමිනෙන සියලුම දෙනා කුමන හෝ පරික්ෂාවකට ලක් කල යුතු බවත් එසේ නොවුනහොත් ඉදිරියේදි වතු කරය තුලින් කොවිඩ් 19 ආසාධිතයන් විශාල වශයෙන් පැතිර යාම් අවදානමක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

No comments:

Powered by Blogger.