Header Ads

Breaking News
recent

තවත් 392කට කොරෝනා..

අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 392 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දේශියව පුද්ගලයින් 389 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 205 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 ක් ලෙසත් වාර්තා වේ.

අද (15) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 13,079 ක් වේ. ඉන් පුද්ගලයින් 7,899 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මීනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර             –           3106
කොළඹ මාළු වෙළඳපලේ පොකුර                    –           9973

ඊයේ (14) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,582 ක් වන අතර ඉන් පුද්ගලයින් 11,323 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (14) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,206 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (15) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 293 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (15) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු මරණයක් වාර්තා නොවී ඇති අතර අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 53 ක් වේ.

අද (15) දින උදෑසන වනවිට, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

අද (15) දින උදෑසන වනවිට QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 41 ක් සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 20 ක් මෙරටට පැමිණ ඇත. එසේම, අද (15) දින රාත්‍රියේ EK  648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 59 ක් සහ UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලි සිට එක් පුද්ගලයෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 31 ක් තුළ පුද්ගලයින් 2,950 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (14) දිනය තුල PCR පරික්‍ෂණ 13,671 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

No comments:

Powered by Blogger.