Header Ads

Breaking News
recent

මේක පාස්ද ෆේල්ද කියන එකක් නෙවෙයි. ජනපති අඩුගාණේ මේක දක්ෂ ලෙස පරිපාලනය කරනවා - නාමල්

කොවිඩ් වසංගතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අඩුම ගණනේ දක්ෂ ලෙස පරිපාලනය කරමින් හෝ සිටින බවත් ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ෆේල් වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"කිසිසේත් පාස්ද ෆේල්ද කියන්න කාරණයක් නෙවෙයි මේක. එහෙනම් ලෝකෙ ෆේල් කියන්න එපැයි. 

අඩුගාණෙ අපි අතිගරු ජනාධිපතිතුමා දක්ෂ විදියට මේක පරිපාලනය කරනවා. අද කොවිඩ් වසංගතය පාලනය කරන ගමන් රට ඇරලා තියන්න උත්සාහ කරනවා. ඉතිං පාස් කියන්නෙ රට වහලා තිබ්බොත්ද ? දැන් මේ රට වහලා යූඑන්පී එකට ඕනෙ විදියට ආර්ථිකය වැටෙන්න, මිනිස්සුන්ට කන්න නැතිවෙනවා නම් මිනිස්සු බඩගින්නෙ මැරෙනවා නම් අන්න ගෝඨාභය රාජපක්ෂ පාස් කියයි එක්සත් ජාතික පක්ෂය. මොකද එයාලානෙ එතකොට පාස් වෙන්නෙ. 

දැන් ෆේල් වෙලා තියෙන්නෙ යූඑන්පී එක. යූඑන්පී එක තමයි ෆේල්. මොකද එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයලා ෆේල්. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණෙදිත් ෆේල්, සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තු මැතිවරණෙදිත් ෆේල්, සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුව ඇතුළෙදිත් ෆේල්. මොකද සෞඛ්‍ය නිර්දේශවලට කලින් බොන්න ඕනෙ බෙහෙතත් කියනවානෙ. එහෙම කියන එක්කෙනාද පාස් ? 

අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය සේවකයින් දැඩි කැපවීමකින් මේ කොවිඩ් මර්දනය කරන්න කටයුතු කරනවා විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කරලා එදිනෙදා ජීවත් වෙන්න පුළුවන් තැනට රට ඇරගෙන යනවා. මං හිතන්නෙ ඉදිරියේදී ලෝකයේ තියෙන සමහර රටවල අත්දැකීම් අපි ගන්න ඕනෙ. ඒ අත්දැකීම් අරගෙන ක්‍රම ක්‍රමයෙන් රට විවෘත කරන්න ඕනෙ. ඒ විවෘත කිරීමත් එක්ක මං හිතන්නෙ අපට පුළුවන් වෙයි අපෙ ආර්ථිකය තවදුරටත් වේගයෙන් සංවර්ධනය කරන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

No comments:

Powered by Blogger.