Sunday, April 13 2025

Header Ads

Breaking News

ධම්මික පැණිය බිවු 05කට කොරෝනා - පෝලිම්වල පොර කෑ සියල්ලන් අවදානමේ !

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් කොරෝනා වෛරසය නසන ඖෂධය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

අදාල ආසාදිතයන් පස් දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඔ්නෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.


Leave a Comment

Powered by Blogger.