Header Ads

Breaking News
recent

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවන් 6ක්, අභියාචනාධිකරණයට 14ක්

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් 01 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,

ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
ජනක් ද සිල්වා මහතා
ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා
අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,

මේනකා විජේසුන්දර මහත්මිය
ඩී.එන්. සමරකෝන් මහතා
එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
එම්.ටී.එම්. ලෆාර් මහතා
සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
සම්පත් බී. අභයකොන් මහතා
එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
එස්.යූ.බී. කරලියද්ද මහතා
ආර්. ගුරුසිංහ මහතා
ජි.ඒ.ඩී. ගනේපොල මහතා
කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
මායාදුන්න කොරයා මහතා
ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා

– ජනාධිපති මාධ්ය අංශය

No comments:

Powered by Blogger.