Header Ads

Breaking News
recent

සිංහරාජය කපා දමා නැවත සිටුවා දෙන්න මා කැමතියි…

දේශපාලඥයන් මූල්‍ය රටේ වනාන්තර සහ රක්ෂිතයන් විනාශ කර ඔවුන්ම මුල්වී තමන්ගේ වියදමින් එය නැවත ඇති කළ යුතු බවට තීන්දු තීරණ ගන්නා බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. සිංහරාජය වැනි රක්ෂිත වනාන්තරයක් කපා දමා නැවත සිටුවීමට ලැබේ නම් තමන් වුවද ඊට අකමැති නොවන බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය මුදල් අවභාවිතා කළ චෝදනා නැති අයට පමණක් නාම යෝජනා ලබා දෙන්නැයි මැතිවරණයට පෙර පක්ෂ නායකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කල නමුත් ඒවා නායකයන් සලකන්නේ නැතැයිද ඔහු පැවසීය.

හොරකම් කළ මුදල්වලින් කුට්ටියක් පක්ෂවලටත් යන්නේ දැයි තමන් නොදන්නා බව ද පැවසූ ඔහු ඕනෑම පක්ෂයක් එසේ වන බව ද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ හොරණ දික්හේනපුර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

No comments:

Powered by Blogger.