Header Ads

Breaking News
recent

මුතුරාජවෙල අක්කර 600ක් හෝටලයකට, ගෝල්ෆ් පිටියකට.. පරිසර අධ්‍යන වාර්තා අරඹයි..

මුතුරාජවෙල හෝටල් සංකීර්ණයක් හා ගෝල්ෆ් පිටියක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇත.
ඒ සඳහා වන සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා විරෝධතා නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මධ්‍යම පරිසර අධිකාරිය ලිපියක් එවීම පසුව මෙම අවසරය ලබාදී ඇත.

මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර හයසීයක මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන අතර ඊට යාබද මුතුරාජවෙල අභයභූමියට හදාළ අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඒ සඳහා යොදාගෙන තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 16ක් මගින් කරන ලද විපරම් වලින් පසුව මෙම අවසරය ලබාදී ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.