Header Ads

Breaking News
recent

හැමෝම අපිව දාලා යද්දී ඔයා අම්මව බාරගත්තා - කාවින්ද්‍යා අම්මගේ අලුත් සැමියා ගැන 2020 අවසන් දිනයේ කියපු දේ | Samitha Mudunkotuwa & Kavindya Adikari | Gossip Story

ළමයි දෙන්නෙක් එක්ක තනි වුණ ගැහැණියට ආදරේ දෙන්න
ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න හැම පිරිමියෙකුටම බෑ

දෙදරු මවක වන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව සම්බන්ධයෙන් පසුගිය දිනවල අන්තර්ජාලයේ අලුත් ප්‍රවණතාවයක් පැන නැගී තිබේ. ඒ 47 හැවිරිදි ඇය 22 හැවිරිදි තරුණයෙකු සමග නැවත විවාහ වී ඇති බවයි. ඒ දෙදෙනා එක්ව සිටින ඡායාරූප සමාජ මාද්‍ය වෙත එක් කිරීමත් සමගිනි.

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ, සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි.තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්.පසුගියදා කාවින්ද්‍යා සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් එක් කර තිබුණා.

ළමයි දෙන්නෙක් එක්ක තනි වුණ ගැහැණියට ආදරේ දෙන්න, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න හැම පිරිමියෙකුටම බෑ මගෙ අම්මව අත ඇරලා දාලා ගිය හැමෝටම ස්තූතිවන්ත වෙනවා.මොකද එයාලා එහෙම කරේ නැත්තම් ඔයාව අපිට ලැබෙන්නේ නෑ. යනුවෙන් කාවින්ද්‍යා අධිකාරි මවගේ අලුත් සැමියා ගැන කියා තිබුනා.

ඉතින් ඕනෙම කෙනෙක් සංවේදී වෙන අවස්ථා තියෙනවනේ එක ඔබ අපි හැමෝටම එකම වගේ දැනෙනවා ඉතින් නළු නිලියන් කියලා නැහැ ඔවුනුත් මිනිස්සුනේ ප්‍රසිද්දිය විතරයි වෙනස් වෙන්නේ.ඉතින් අපේ රටේ දක්ෂ ගායිකාවක් තමා සමිතා මුදුන්කොටුව ඇගේ දියණිය කාවින්ද්‍යා දියණියත් අම්ම ගැන සංවේදී වුනු ලොකු සිදුවීමක් ඇය 2020 ඉවරවෙද්දි ප්‍රකාශ කළා. කාවින්ද්‍යා අධිකාරි මවගේ අලුත් සැමියා ගැන කියූ සම්පූර්ණ කතාව පහතින්

🌸කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ...
ඒත් මේ අවුරුද්දේ අන්තිම post එක විදිහට මේක දාන්න හිතුනා.
මගෙ මුලු ජීවිතේම මම පවුල වෙනුන් කැප උන කෙනෙක්. හැමදාටම මගේ හුස්ම තියෙනකල් මම මගේ ඇස් දෙක වගේ තනියෙම කොහොමහරි අම්මා, මල්ලී බලාගන්නවා කියලා හිටපු මට 2020 අවුරුද්දේ උන විශේෂම දේ තමයි ඔයා අපේ ජීවිතේට ආව එක Chino😇❤️
ළමයි දෙන්නෙක් එක්ක තනි උන ගැහැණියට ආදරේ දෙන්න, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න හැම පිරිමියෙකුටම බෑ... ඒත් ඔයාගේ පොඩි වයසට ඔයා ඒක නොඅඩුව කරන කෙනෙක්. ඔයාට ඒ පිනම ඇති. 
මම හුඟාක් විශ්වාස කරන දෙයක් තමයි "හැමදේම වෙන්නේ හොඳට කියන එක".
මගෙ අම්මව අත ඇරලා දාලා ගිය හැමෝටම ස්තූතිවන්ත වෙනවා මොකද එයාලා එහෙම කරේ නැත්තම් ඔයාව අපිට ලැබෙන්නේ නෑ.
මට වචන නෑ ජීවිතේ පළවෙනි වතාවට මගෙ හිතේ තියෙන හැඟීම් ලියන්න. 
තාත්තා කෙනෙක් ලඟ නැතුව මාවයි මල්ලිවයි පණ වගේ බලාගන්ත මගේ අම්ම ට පණ වගේ ආදරය කරන ඔයාට මං හැමදාටම ණයයි. 
ස්තූතියි මගේ පුංචි පවුලට මහමෙරක් තරම ආදරයක් දෙනවට.
එහෙනම් 2020 සමුගන්න අවසර.
ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏🏼❤️😇❤️🌸 #appreciationpost💕 #family 😇❤️








No comments:

Powered by Blogger.