Header Ads

Breaking News
recent

මුස්ලිම් කොරෝනා මෘතදේහ වලලන්න නව වසරේ හෝ ඉඩ දෙනු.. මන්නාරමේ විරෝධතා..

කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට නව වසරේ (2021) හෝ රජයෙන් අවසර ලබා දෙන ලෙසට ඉල්ලා මන්නාරමේදී නිහඩ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනේ මන්නාරම් පුරවැසි කමිටුව හා කාන්තා සිවිල් සංවිධාන එකමුතුව විසින් වූ අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේද සහය ලැබී තිබුණි.

එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .

‘ මුස්ලිමි ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බැවින් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් එම ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙ මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අවස්ථාවක නව වසරේදී (2021) හෝ මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවධානය යොමු කොට ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසරය ලබා දීමට රජය කටයුතු කල යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Powered by Blogger.