Header Ads

Breaking News
recent

පැණි හදපු බඹරා ඉන්නෙත් මූණ වහගෙන බඹරගේ පැණි බීපු කථානායකලා නිරෝධායනයේ (VIDEO)

 
''පැණි හදපු බඹරා ඉන්නෙත් මූණ වහගෙන බඹරගේ පැණි බීපු කථානායකලා පහුගිය දවස් වල හිටියේ නිරෝධායනයේ මේ වගේ දේවල් ආණ්ඩුව පාවිච්චි කරන්නේ රටේ පවතින බරපතල ප්‍රශ්න අමතක කරවන්න'' යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ අද (01) නව වසරේ වැඩකටයුතු ආරම්භ කරමින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් රටට ගෙන්විය යුතු බව පාර්ලිමේන්තුවේදී පළමු වරට කතා කළේ තමන් වන අතර ඉන්  මාස දෙකක පමණ කාලයකට පසුවත් මේ ආණ්ඩුව එන්නත ගෙන්වීම ගැන සැලසුම් කරමින්, සාකච්ජා කරමින් සිටින අතරතුර කලාපයේ සෙසු රටවල් එන්නත් ඇනවුම් කිරීමද කර ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ. 

ආණ්ඩුව පැණියට දුන් ගෞරවය තවමත් එන්නතට දී නොමැති බව හෙතෙම සඳහන් කරන ලදී. 

No comments:

Powered by Blogger.