Header Ads

Breaking News
recent

මාවනැල්ලෙන් අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී.. විස්තරය මෙන්න…

මාවනැල්ලේ මොල්ලිගොඩ ගල්කොරියේ ඩෙටනේටර් ඇතුළු අතුරුදහන් වු පුපුරන ද්‍රව්‍ය පේරාදෙණිය තලවත්ත ප‍්‍රදේශයේ සගවා තිබියදි සොයා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ 03 දින කටයුතු කරන ලදි.

එම වැටලිමෙන් පසුව සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම පුපුරණ ද්‍රව්‍ය පසුගිය දෙසැම්බර් 22 වැනි දින රාත‍්‍රීයේ සිට නැති වි තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කණ්ඩායම් 5 ක් යටතේ පරික්ෂණ සිදු කිරිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු වි ඇත. මාවනැල්ල මොල්ලිගොඩ ප‍්‍රදේශයේ කළුගල් ගල්කොරිය පවතින ස්ථානයේ ගබඩා කාමරයේ තිබි ඇමෝනියම් නයිටේරට් කිලෝ 15 ක්, වොටර්ජේල් ග‍්‍රෑම් 750ක්, ඩෙටනේටර් 20ක්, වෙඩි බෙහෙත් නූල් මිටර් 35ක් සහ ගල් සිදුරු කරන උපකරණ කිහිපයක්ද මෙලෙස අතුරුදහන් වි තිබුණි.

එම ගල්කොරිය ඇති ඉඩම මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සතු වන අතර දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ එය පවත්වාගෙන යන්නේ පිළිමතලාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින්ය. මෙම පුපුරණ ද්‍රව්‍ය නැති විමෙන් පසුව මාවනැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් අදාල ව්‍යාපාරිකයා සිද්ධිය ගැන කඩිනම් පරික්ෂණයක් සිදු කර එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා ලෙස ඉල්ලිමක් කර තිබුණි. පසුව මාවනැල්ල පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කිහිප දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කර පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමට පරික්ෂණ සිදු කරමින් තිබුණු අතර ගල්කොරියේ කටයුතුද තහනමකට ලක් කරන ලදි.

ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය අතුරුදහන් විමෙන් අනතුරුව එම ස්ථානය පවත්වාගෙන ගිය අරකොටවැල්ල, පිළිමතලාව පදිංචි ආර්.එම්. නන්දන අතුල ප‍්‍රියන්ත රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පැවසුයේ මෙවැන්නකි.

මෙතන පුපුරණ ද්‍රව්‍ය සොරා ගැනිමක් සිදු වේලා තියෙනවා. ඒ ගැන මම පොලිසියට පැමිණිල්ලක් කලා. මාගේ යුතුකම සහ වගකිම මේක. නමුත් මාගේ අඩුපාඩු කම් කිහිපයක්ද සිදු වි තිබෙනවා. ඒ තමයි ප‍්‍රමාණවත් ආරක්ෂවක් යටතේ මෙහි එම ද්‍රව්‍ය තියාගත්තේ නැතිකම ඒ සම්බන්ධයෙන් මම ප‍්‍රකාශයක්ද කරලා මට හැකි පමණින් මාගේ සහයෝගය ලබා දෙනවා මෙම වැරදි කරුවන් සොයා ගැනිමට. මම මේ ස්ථානය පටන් ගත්තේ 2019 ජුනි මාසයේ. මෙම ස්ථානයේ කලින් මුරකරුවෙක් සිටියා කොරෝනා වසංගතයෙන් පස්සේ මුරකරුවෙක් ස්ථාපනය කරන්න බැරි වුනා. ඒ වාගේම අපි මෙතන වැඩ කරන්නේ ජේනරේටරයකින් ලයිට් වතුර නැති නිසාත් මුර කරුවෙක් තියා ගැනිමේ අපහසුව තියෙනවා. අද දින ගල් වල තහනම් කලා මම හිතනවා ආරක්ෂක අංශ විසින් මෙම වැරදි කරුවන් සොයා ගත්තාට පස්සේ මේ කටයුතු විදිමත් ලෙස සිදු කරන්න නීති උපදෙස් මත. මම මේ ස්ථානය කුළියට කරගෙන ගියේ ඒ වාගේම සැකකටයුතු අය පිළිබඳවත් මම ආරක්ෂක අංශ දැනුවත් කලා. ඒ වාගේම මෙම ස්ථානයට අවට නගර සහ ප‍්‍රදේශ කිහිපයකින්ම ගල් රැුගෙන යෑමට වාහාන පැමිණියා යැයිද පැවසිය. ඒවාගේම මෙම ස්ථානයට ආ ගිය වැඩ කරන ලද සැකකටයුතු අය පිළිබඳව මා පොලිසිය වෙත දැන්වු බවද ඔහු පැවසිය.

කෙසේ වෙතත් මේ පිළිබඳව දැඩිව අවදානය යොමු කරන ලද ආරක්ෂක අංශ කඩිනමින් පරික්ෂණ සිදු කරමින් ඉතා කෙටි කාලයකදි මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිම ජාතික ආරක්ෂාව මෙන්ම වෙනත් ජාතිවාදි ප‍්‍රශ්න කටකතා යනආදිය සමාජයේ පැතිර යෑම වැලැක්විමට ගත් හොඳ ප‍්‍රයත්මයකි.

මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමෙන් අනතුරු මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුයේ මෙවැන්නකි.

මෙම පුපුරණ ද්‍රව්‍ය නැති විම සම්බන්ධයෙන් සාර්ථිකව සිය විමර්ශනය අවසන් කරන ලද අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදු විමට අදාලව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වාගේම මුලින්ම මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා එහි සේවකයෙක් ඔහු දැනට රිමාඞ් භාරයේ සිටින්නේ ඔහුගේ සෘජු සම්බන්ධතාවයක් මෙම සිද්ධියට තිබෙන බවට අනාවරණය වි තිබෙනවා.
ඒ අනුව පේරාදෙණිය තලවත්ත ප‍්‍රදේශයේ තිබි සොයා ගන්නා ලද මෙම සියලූ පුපුරණ ද්‍රව්‍ය ඒ වාගේම එම ගල්කොරියෙන් සොයා ගන්නා ලද ද්‍රව්‍ය සාර්ථිකව විමර්ෂනයක් කර සොයා ගැනිම සිදු වුනා. ඒ වාගේම කියන්න ඔනෑ මෙම සිදු විමට කිසිම අකාරයක අන්තවාදි හෝ ත‍්‍රස්තවාදි ක‍්‍රියාවල එවැනි සංවිධාන වල කිසිම සම්බන්ධතාවයක් නොමැති බවට අනාවරණය වි තිබෙනවා.මෙම පුපුරණ ද්‍රව්‍ය වෙනත් ගල් වලවල් වල අයට අලෙවි කර තිබෙන බවටද සොයා ගත් බවද පැවසිය.

කෙසේ වෙතත් මෙම සිදුවිමෙන් පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් නම් කිහිපයක් මාධ්‍යයට ඉදිරිපත් කර අතර ඔවුන් වන්නේ. පේරාදෙණීය ප‍්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර, පිළිමතලාව ගනේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සුගත් ගිම්හාන නැමැති වයස අවුරුදු 21 ක පුද්ගලයෙක්, පේරාදෙණීය බෝයගම ප‍්‍රදේශයේ පදිංචි සුගත් වීරසිංහ නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක්, පේරාදෙණිය තලවත්ත ප‍්‍රදේශයේ පදිංචි තුෂාන් පින්නගොල්ල නැමැති 49 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පේරාදෙණීය ප‍්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර විසින් පුපුරණ ද්‍රව්‍ය සොරකම් කර අදාල පුද්ගලයන් වෙත භාර දි ඇති බවත් ඔවුන්ද ගල්කොරි පවත්වාගෙන යන අය වන බවද කියයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

No comments:

Powered by Blogger.