Header Ads

Breaking News
recent

පොල් තෙල් හා ෆාම් තෙල් මධ්‍යස්ථාන 2කට සීල් තබයි !

විදේශයෙන් ගෙන්වන පොල් තෙල් සහ ෆාම් තෙල් අලෙවි කරන දඹුල්ලේ පිහිටි ස්ථාන 2කට ඊයෙ (24) පස්වරුවේ මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.

අදාල ආයතන දෙකට මුද්‍රා තබා එහි තිබූ පොල්තෙල් සහ ෆාම් තෙල් වල කොටස් පරික්ෂා කිරීම සඳහා කොළඹ පාරිභෝගික අධිකාරියේ පරීක්ෂණාගාර වෙත යොමු කර ඇත.

එසේ මුද්‍රා තබා ඇති පොල් තෙල් තොගයේ වටිනාකම පියල් ලක්ෂ 60 කට අධික බව ද මාතලේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා සඳහන් කළේ.

මින් එක් ස්ථානයක් ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මහා පරිමාණයෙන් පොල් තෙල් අලෙවිකරණු ලබන ස්ථානයක් බවද පැවසේ.

රේණුක කුමාර මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයේ සිදුකළ පරීක්ෂණයකින් පසුව අදාළ තෙල් තොග ගෙන් වූ ආයතනයක් හෝ නමක් එහි නොමැති බවද නිරීක්ෂණය කළ හැකිව තිබේ.

එහි රුපියල් ලක්ෂ තිහකට අධික පොල් තෙල් සහ ෆාම් ඔයිල් තොගයක් තිබී ඇත.

එසේම එහි භූගත සහ ඉහල සවිකොට තිබූ පොල් තෙල් සහ ෆාම් තෙල් ගබඩා ටැංකි පරික්ෂා කිරීමේදී ඒවා තුළ මියගිය විවිධ කෘමීන් ද සිටිබව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු කියා සිටියහ.

අනෙක් පොල් තෙල් අලෙවි කරන මධ්‍යස්ථානය ද දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි එකක් වන අතර එහි පොල්තෙල් සහ ෆාම් තෙල් කලවම් කරන ස්ථානයක් බවටද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හදුනා ගැනීමෙන් පසු ඒ සඳහා සීල් තබා ඇත.


No comments:

Powered by Blogger.