Header Ads

Breaking News
recent

බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන සඳුදා සිට ඇරඹෙයි…..

 
බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර අතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි.

බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 හා 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ විය. සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.

සැලසුම් කළ දිනයට සති තුනකට පෙර පාසල් ආරම්භ වනු ඇත.

No comments:

Powered by Blogger.