Tuesday, May 6 2025

Header Ads

පිටරට සිට ලංකාවට විනකරන මත් රකුසන්ට රතු නිවේදන

 
විදේශයන්හී සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් 06 දෙනෙක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔවුන් සම්බන්ධයෙන් අදාළ රතු නිවේදන ද මේ වන විට ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (26) පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.

ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 100කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ස්ථානවලදී සිදුකෙරී ඇති අතර එහිදී සැකකරුවන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වේ.

Leave a Comment

Powered by Blogger.