කොරෝනා එන්නත් ආනයනයට තුනී ලෑලි සමාගම් අවසර ඉල්ලයි !
විදේශ රටවලින් කොරෝනා එන්නත් මෙරටට ආනයනය කිරීමට අතරමැදියන් සේ ඉදිරිපත් වූ ඇතැම් සමාගම් තුනී ලෑලි, කන්ටේනර් සහ නැව් භාණ්ඩ ප්‍රවාහනය කරන ඒවා බවට හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. අද වන විට කොරෝනා එන්නත් සඳහා ලෝකය පුරා කළු කඩ වෙළඳපොළක් නිර්මාණය වී ඇති නිසා ඉන් ප්‍රවේශම් යුතු බවද ඔහු පැවසීය.
කොරෝනා එන්නත ඩුබායි, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවල පෞද්ගලික සමාගම් සතුව ඇති බව කියමින් එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික සමාගම් ගණනාවක් අතරමැදියන් සේ සම්බන්ධ වීමට සූදානම් බවට රජයට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
නමුත් එම එන්නත් මව් සමාගමේ නිෂ්පාදිත ඒවා දැයි තහවුරු කිරීමට ලියවිලි ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන් විට ඇතැම් සමාගම් ඉන් එහාට සාකච්ඡා නොකළ බව ද ඔහු පැවසීය.
එන්නත් ගෙන්වීමේදී ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම රජයක වගකීම බවද ඔහු තවදුරටත් පැවසීය.
No comments: