Header Ads

Breaking News
recent

ලංකාවේ ඇමරිකන් මුදල් ඇමතිගෙන් කළු සල්ලි ජාවාරමට තවත් ඉඩක්…

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති බවට පත් වී දින කිහිපයකට පසු ජූලි 12 වෙනි දින නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයකට අනුව කළු සල්ලි ජාවාරම් කරුවන් වෙනුවෙන් විශාල ඉඩකඩක් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රජයේ ආදායම් බදු විශාල වශයෙන් පහත වැටෙමින් අවස්ථාවක වීමද විශේෂිතය. වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව 2021ට අනුව මෙම වසරේ මුල් මාස 04 තුළ ආදායම් බදු වශයෙන් රජයට ලැබී ඇත්තේ රුපියල් කෝටි 5,520කි. එහෙත් පසුගිය වසරේ එම මාස 04 තුළ රුපියල් කෝටි 8,140ක් ආදායම් බදු වශයෙන් ලැබී තිබේ.

මේ ආකාරයට රජයේ සෘජු බදු ආදායම විශාල වශයෙන් පහත වැටෙමින් තිබියදී ජූලි 12වෙනි දින නිකුත්කරන ලද ගැසට් පත්‍රය අනුව කළු සල්ලි වෙනුවෙන් ප්‍රධාන සහන දෙකක් ලබා දීමට ආණ්ඩුව සූදානම් වේ. “ස්වේච්චාවෙන් හෙළිදව් කිරීම මත බද්ද පැනවීම” සහ “ඇතැම් නීති යටතේ හිඟ බදු මුදල් කපා හැරීම සඳහා විධිවිධාන” යන දෙයාකාරයෙන් බදු සහන ලබාදීමට සැරසේ.

මෙයින් හිඟ බදු මුදල් කපාහැරීම නම් විධි විධානය ගෙන එන්නේ සෘජු බදු ආදායම් විශාල වශයෙන් බිඳවැටෙමින් තිබෙන පසු බිමක සහ වර්තාමන ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම 2019 නොවැම්බර් මස අවසානයේ මෙරට ඉහළම අදායම් ලබන පුද්ගලයන් සහ ව්‍යාපාර වෙත විශාල බදු කපාහැරීමක් ලබාදීමෙන් පසුවය

කළුසල්ලි සුදු කරන කෙටුම්පතට එරෙහිව ජවිපෙ අධිකරණයට

පසුගිය වසරේ මාර්තු 31ට පෙර හෙළිදරව් නොකළ බදු ගෙවීම සඳහා සහනයක් ලබාදීමට යැයි සඳහන් කරමින් ගෙනඑනු ලබන බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටලු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

“ස්වේච්චාවෙන් හෙළිදව් කිරීම මත බද්ද පැනවීම” සහ “ඇතැම් නීති යටතේ හිඟ බදු මුදල් කපා හැරීම සඳහා විධිවිධාන” යන දෙයාකාරයෙන් බදු සහන ලබාදීමට ආණ්ඩුව විසින් මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ වනවිට බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවත්වෙන මාධ්‍ය හමුවක් අමතමිණි.

-lankatruth

No comments:

Powered by Blogger.