Header Ads

Breaking News
recent

කටුනායක ගුවන් තොටේ PCR ජර්මන් සමාගමකට.. ඔවුනට එතනින් අක්කර එකහමාරක්…

පුද්ගලයන්ගේ ජීව සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සහ PCR පරීක්ෂණ සිදුකරන රසායනාගාරයක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි ජර්මානු සමාගමකට ඉදිකිරීම් අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමැතියට ඉදිරිපත් කර තිබුණේ සංචාරක අමාත්‍යාංශය විසිනි.

එම රසායනාගාරය ඉදිකිරීම සඳහා ගුවන්තොටුපල භූමියෙන් අක්කර එක හමාරකකට ආසන්න භූමියක් ලබාදීමට නියමිත අතර ඒ සඳහා වූ මාසික කුලී මුදල ඇමරිකානු ඩොලර් 10,000 කි.

එම පරීක්ෂණාගාර මගින් … පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එක් පුද්ගලයකුගෙන් ඇමරිකානු ඩොලර් 40 ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.

No comments:

Powered by Blogger.