Header Ads

Breaking News
recent

පාදෙණියගේ GMOA සභාපති ධුරය අධිකරණයෙන් අත්හිටුවයි

වසර පහකට අධික කාලයක් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය රැඳී සිටි අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම තවදුරටත් එම සංගමයේ නිලතල නොදරමින් සංගමයේ නිලවරණය ස්වාධීනව පැවැත්වීමට ඊයේ මොරටුව දිසා අධිකරණයේ දී අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත.

එසේම මෙවර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ නම සභාපති ධුරය සඳහා යළි තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද මෙම අතුරු තහනම් නියෝගය උපදෙස් දී ඇත

අතුරු පාලක මණ්ඩලයක් හරහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් කට්ටිය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මැතිවරණය පවත්වන ලෙසත් යෝජනා කැඳවන ලෙසත් දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය අහෝසි වන බවත් මේ සමග නිකුත් කොට ඇති නියෝග සඳහන්ය

මෙවර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් වී සිටී.

-lankacnews


No comments:

Powered by Blogger.