Header Ads

Breaking News
recent

දවසට කෝටි 20000 ක සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ? ආණ්ඩුව පෙරළන්න අපි සූදානම් - අනුර දිසානායක

රටේ ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඉතිරි වී තිබෙන්නේ මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හා ජාතික සම්පත් විදෙස් රටවලට විකුණා දැමීම පමණක් බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. මෙම විසඳුම් හරහා සිදුවන්නේ ගැටලු විසඳීම නොවන එම ගැටලු තවත් තීව්‍ර වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වත්මන් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි බව ආණ්ඩුවට ඡන්දය දුන් බහුරත ජනතාව පවා පිළිගෙන ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට වෙනත් විකල්පයක් සඳහා යොමුවීමට සිදුව ඇති බවත් අනුර දිසානායක මහතා පවසනවා. එම විකල්ප බ‍ලවේගය බවට පත්වීමට ජාතික ජන බලවේගය සූදානම් බවත්, රටේ බලය ලබා ගැනීමට සූදානම් හා සුදුසු කණ්ඩායමක් ජාතික ජන බලවේගය සමග සිටින බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස නොව, බලය ලබා ගැනීමට සූදානම් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියේදී ආරම්භ කරන බවයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක මහතා සඳහන් කළේ.


No comments:

Powered by Blogger.