Header Ads

Breaking News
recent

බිලියන 880ක් මුදල් අච්චු ගැසූ කතාව ඇත්තක් යයි ඇමති කබ්රාල් කියයි

රජය පසුගිය කාලය තුළ රුපියල් බිලියන 880ක මුදල් මුද්‍රණය කළ කතාව ඇත්තක් බවත් මේ අයුරින් මුදල් මුද්‍රණ කිරීම දුෂ්කරතා නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවත් මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොල නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. කෙසේ වුවද එය රජය විසින් සිදු කරන ලද්දේ විය හැකි අතුරු ප්‍රතිඵල ගැන හොඳ අවබෝධයකින් බවත් එවැනි අතුරු ප්‍රතිඵල එන්නට කලින් කළ යුතු ප්‍රතිකර්ම මැනවින් දන්නා ඩේලි මිරර් පුවත් පත විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා නිදසුනක් ගෙන හැර පාමින් විශාල අසනීපයක් ඇති වූ විට ඔබට යම් දැඩි ප්‍රතිකාරයක් ලබා දිය යුතු ආකාරයට මේ වනවිට රට පත්ව ඇති බවත් ඊට ප්‍රතිකාර ය ලබා දිය යුත්තේ රෝගියා ගෙන ආ රියදුරු විසින් නොව අදාළ ප්‍රතිකාරය ලබා දෙන අතරේ යම් අතුරු ආබාධයක් පැමිණියහොත් ඊට අදාල ප්‍රති ඖෂධ ද ලබා දීමට දැනුමැති වෛද්‍යවරයකු බවත් සඳහන් කළේයත. රජයද මේ අර්බුදය හමුවේ කටයුතු කරන්නේ එලෙසින් බවත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා පැවසීය.

ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇති රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පවසා ඇත.
“මුදල් අච්චු ගැසීම දුෂ්කරතාවන්ට තුඩු දිය හැකි අතර එය කුමන අවධියේදී ආපසු ඇද ගත යුතු යැයි ඔබ දැන ගත යුතුයි. මූල්‍ය අර්බුදය තුළ එක්සත් ජනපදය මුදල් මුද්‍රණය වැඩි කළා. ඊට පස්සේ, ඔවුන් එය නැවත කළා. ශ්‍රි ලංකාවත් සමහර අවස්ථාවල මුදල් මුද්‍රණය කළා. මම මහ බැංකු අධිපතිවරයාව සිටියදීත් එය සිදු කළා. මෙම විෂය නොදන්නා අයට කෑගසන්නට පුළුවන්. චම්පික කියන්නේ මා දන්නා පරිදි දක්ෂ ඉංජිනේරුවෙක්, නමුත්, මේ දේවල් ගැන ඔහුට හොඳ වැටහීමක් ඇතැයි මම හිතන්නේ නෑ. ආර්ථිකයට ලබා දුන්න ඖෂධයේ අතුරු ආබාධ හෝ ඊට කළ යුතු ප්‍රතිකාර ගැන ඔහුට අවබෝධයක් නෑ.

නමුත් එය කළමනාකරණය කර ගන්නා විදිහ අප දන්නවා. ඔහු ඒ ගැන සැලකිලිමත් වීම ගැන මම සතුටු වනවා. එයින් අදහස් කරන්නේ ඔහු ඖෂධයේ පළමු අනතුරු ඇඟවීම අධ්‍යයනය කර ඇති බවයි. නිසි වෛද්‍යවරුන්ට එය කළමනාකරණය කළ හැකි බව චම්පික රණවක මහතා දන්නේ නෑ. රටේ උද්ධමනයක් සිදු නොවන්නේ නම්, එය මෘදු ලෙස පසුපසට ඇද දමා තත්ත්වය වෙනස් බවට සහතික කර ගැනීමට අපට හැකියි.“ යයිද ඔහු පැවසීය.


No comments:

Powered by Blogger.