Header Ads

Breaking News
recent

පැයකට 3ක් මැරෙනවා! දැනට තියෙන්නේ වෛරසය දිනන තත්ත්වයක්! විශේෂඥ වෛද්‍යවරයකුගෙන් හෙළිදරව්වක්! (VIDEO)

වත්මන් තත්ත්වය අනුව පෙනෙන්නට ඇත්තේ එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් මතුව ඇති බවත්, සෑම පැයකටම තිදෙනෙකු වැනි ප්‍රමාණයක් මිය යන තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේය.

මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින්  වැඩි බවත් ඒ මහතා පවසයි.

“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. ඒ ගාන නෙමෙයි හරි ගාන.  ඒ බලන PCR ප්‍රමාණය අනුව නේ. ඒ දවස්වල PCR 20,000ක් බලනකොටත් 2,000, 3,000 තිබුණා. දැන් PCR 10,000කින් 12,000කින් තමයි මේ ගාන එන්නේ. අනික මේ ඩෙල්ටා ප්‍රභේදය 10 දෙනෙකුට විතර සීග්‍රයෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ 5,6 ගුණයක් ඉන්න පුළුවන් නොදැන. මේක 4 වෙනි රැල්ලක් තත්ත්වයක තමයි අපි ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ. “

“මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර.”

No comments:

Powered by Blogger.